තම මව නොසළකා හරින බව සඳහන් කරමින් 16 හැවැරිදි පාසල් සිසුවියක් දුම්රියට පැන දිවි නසාගෙන තිබේ. මන්නාරම පාලම අසළදී කොළඹ සිට මන්නාරම දක්වා ගමන් ගත් දුම්රියට ඊයේ (24දා) පැන ඇය දිවිනසාගෙන ඇත.
උප්පුකුලම, මන්නාරම පදිංචි එස්. විදුලා නැමැති සිසුවියක මෙසේ දිවි නසාගෙන ඇති අතර ඇයගේ ගමන් මල්ලේ තිබූ ලිපියක මව නොසළකා හැරීම මත දිවි නසාගන්නා බව සඳහන් කර ඇතැයි පොලීසිය පවසයි.