සිසුන් පනස්දහසක් සා පෙළ හැඳුනුම්පත් තවම ලබාගෙන නෑ
අපො. ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා ජාතික හැඳුනුම්පත් ලබාදීම මේ වනවිටත් සිදු කෙරෙන බැවින් ඉදිරි සති දෙක අවසාන වීමට පෙර එම හැඳුනුම්පත් ලබාගන්නා ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් සරත් කුමාර මහතා දන්වා සිටියි.
තවමත් මේ සඳහා ඉල්ලුම් නොකළ පාසල් ඇති අතර තවත් පනස්දහසක් පමණ හැඳුනුම්පත් ලබා ගත යුතුව සිටින බව හෙතෙම ප්‍රකාශ කළේය.
විවිධ අඩුපාඩු නිසා ඒවා සකසා නිකුත් කළ යුතු අයඳුම්පත් තුන්දහසක් පමණ වෙයි. මේවා සම්පූර්ණ කර එවන ලෙස අදාළ විදුහල්පතිවරුන්ට දන්වා යවා ඇතත් බොහෝ විදුහල්පතිවරුන්ගෙන් ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් ලැබී නැත.
මේ වනවිටත් අ. පො. ස. සාමාන්‍ය පෙළ සිසුන් ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත ලබාගෙන අවසන් කර තිබිය යුතුය. අවසන් දින කිහිපය තුළ හැඳුනුම්පත් නිකුත් කිරීමට දෙපාර්තමේන්තුවට හැකියාවක් නොමැති බව ද කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

