"සිරිසේන ජනාධිපතිතුමන්ට බැනපු උදවිය අද එයාට ළංවෙලා මට බනිනවා.මං හිතනවා සිරිසේන ජනාධිපතිතුමත් මේ පාඩම ඉගෙන ගනියි කියලා.මේ පාඩම ඉගෙන ගෙන කටයුතු කළොත් එතුමාට හොඳයි කියල මම හිතනවා.තමන්ගේ වටේ ඉඳගෙන තමන්ව නොමග යවන අයගෙන් පරිස්සම් වෙන්න කියා මතක් කරනවා" යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඊයේ(11දා) රාත්‍රියේ අනුරාධපුර කුරුන්දන්කුලම පිහිටි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතාගේ නිවසට පැමිණි ජනතාව අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා,
“ආරක්ෂක ලේකම්තුමාට විරුද්ධව නොයෙකුත් චෝදනා පහුගිය දවස් වල එල්ල කළා.ඒ වගේම මට විරුද්ධව නොයෙකුත් චෝදනා එල්ල කරනවා.නාමල්ට, යෝෂිතට, රෝහිතට දරුවෝ ඔක්කොටම විරුද්ධව තමයි මේ චෝදනා තියෙන්නේ.තාම ඒ චෝදනා විභාග කරනවලු.මාලිගා හදල තියෙනවලු.අන්තිමට ඒ අයටම ඒවා පිළිගන්න සිද්ධ වුණා.කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ ඕනෑම දෙයකට සියලු කැබිනට් ඇමතිවරු වගකියන්න ඕන.මං විතරක් නෙමෙයි.දැන් හරි පුදුම වැඩේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවේ කවුද? කඩාගෙන ගිහිල්ලා තරග කළේ කා එක්කද? ශ්‍රී ලංකා අපේක්ෂකයාත් එක්කමයි.පැරදුණු අපේක්ෂකයා පැරදුණා.නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගැනීමට අපේ පක්ෂය අපි භාර දුන්නා. මේ රටේ ජනතාව දක්වන සහයෝගය එදත්, අදත්, හෙටත් මට ලැබෙන බව විශ්වාසයි” යැයිද පැවසීය.
.jpg)
.jpg)