සිරියාවට මානුෂීය ආධාර ගෙනගිය ලොරි විනාශයි
සිරියාවේ, ඇලෙප්පෝ වෙත මානුෂීය ආධාර රැගෙන ගිය ලොරි රථ පෙළක් ප්රහාරයට ලක්වීමත් සමග සිරියාවට යවන සියලු මානුෂීය ආධාර තාවකාලිකව නවතා දමන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
කෙසේ වෙතත්, රුසියාව හෝ සිරියාව කිසිම අයුරකින් මෙම ලොරි රථ වෙත පහරදීමක් සිදු නොකළ බව දෙරටේ ආරක්ෂක අංශ ප්රධානීන් කියයි.
ඇමෙරිකාව හා රුසියාව එක්ව ඇතිකළ සටන් විරාමය අවසන් වීමට ආසන්නව තිබියදී මෙසේ මානුෂීය ආධාර රැගෙන පැමිණි ලොරි 31 කින් 18ක්ම සම්පූර්ණයෙන්ම විනාශ කර තිබුණි.
සිරියානු හා අරාබි රතු අඩ සඳ සංවිධානය පවසන්නේ මෙම ප්රහාරයෙන් සිවිල් වැසියන් 21 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වූ බවයි.
කෙසේ වෙතත්, සතියක කාලයක් සඳහා පැවති සටන් විරාමය බොහෝ අවස්ථාවල කඩතොළු වූ අතර, ඇමෙරිකානු ගුවන් යානා විසින් එල්ල කරන ලද ප්රහාරයකින් සිරියානු හමුදා සාමාජිකයන් පිරිසක් ජීවිතක්ෂයට පත්වීම එහි ප්රධාන සිදුවීමක් වී තිබුණි.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

