සිරිපා වන්දනාවාරය අදින් අවසන්
මෙවර සිරිපා වන්දනා වාරය අදින් (10) අවසන් වෙයි. ඒ අනුව මාස හයක කාලයක් සිරිපා මළුවේ තැන්පත්කර තිබූ සධාතුක කරඬු, සුමන සමන් දේව ප්‍රතිමා හෙට (11දා) උදෑසන සිරිපා මළුවෙන් පහළට වැඩම කරවීමත් සමගම 2016-2017 සිරිපා වන්දනා වාරය අවසන් වන බව ශ්රීපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පැවසූහ.
සිරිපා වන්දනා සමය අවසන් කරමින් මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඬු සහ සමන් දේව ප්‍රතිමා මාර්ග තුනක් ඔස්සේ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයට හෙට (11දා) රාත්‍රිය වනවිට වැඩමකරවන බවද උන්හවන්සේ පැවසූහ.
ඒ අනුව උඩ මළුවේ සිට පලාබද්දර-රත්නපුර මාර්ගය ඔස්සේ එක් පෙරහරක් පැල්මඩුල්ල රජමහා විහාරයට ළඟාවන අතරහැටන් නල්ලතන්නිය මාර්ගයෙන් තවත් පෙරහරක්පිටත්ව එය මස්කෙළියේදීපෙරහර දෙකක් බවට පත්ව එකක් හැටන්, ගිනිගත්හේන, කිතුල්ගල,යටියන්තොට, අවිස්සාවේල්ල, කුරුවිට, රත්නපුර හරහාද, අනෙක් පෙරහර මස්කෙළිය බගවන්තලාව, කොටියාගල, මාරතැන්න, බලංගොඩ හරහාද පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය වෙත ළඟාවීමට නියමිතය.
පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ ගමන් මාලිගාවේ තැන්පත් කරනු ලබන සධාතුක කරඬු සහ සුමන සමන් දේවප්රතිමා වන්දනාමාන කිරීමට 12දා උදෑසන දක්වා බැතිමතුන්ට අවස්ථාව ඇතැයි ශ්රීපාදස්ථානාධිපති හිමියෝ පවසා සිටියහ.
පැල්මඩුල්ල රාජමහා විහාරස්ථානයේ පුදපූජා හා ආගමික වතාවත් පැවැත්වීමෙන් පසු 12 දින උදෑසන සධාතුක කරඬු සහ සුමන සමන් දේවප්රතිමා පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයට රිය පෙරහරින් වැඩම කරවා එහි පිහිටි සමන් දේවාලයේ තැන්පත් කරන බවද ධම්මදින්න හිමියෝ පැවසූහ.
අජිත්ලාල් ශාන්තඋදය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
