එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේ පවතින අලියා ලාංඡනය ඊයේ (01දා) වෙඩි තැබූ පොලිස් කොස්තාපල්වරයා එළැඹෙන 15 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය අද (02දා) නියෝග කළේය.
එසේම සිද්ධිය පිළිබඳව බස්නාහිර දකුණ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා යටතේ විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ. එය සිතාමතා කළ වෙඩි තැබීමක්ද නැත්නම් අතපසුවීමක් යන්න පිළිබඳව මෙහිදී විමර්ශන කරයි.