කෙසෙල්වත්ත පොලිස් වසමේදී පසුගිය 07 දා සොයාගත් මුල්ලේරියාවේ පදිංචිව සිටි ශාන්ත කුමාර නොහොත් කොස් මල්ලිගේ හිස කොටසට අදාළ කඳ කොටස සොයාගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනෙකුගෙන් කළ ප්රශ්න කිරීම්වලට අනුව අගුණකොලපැලැස්ස, ගෝඨාභයපුර කෙසෙල් ඉඩමක වළ දමා තිබූ කඳ කොටස අගුණකොලපැලැස්ස මහේස්ත්රාත්වරිය ඉදිරියේදී ගොඩගනු ලැබීය.
හිස කොටම මෝටර් රථයක දමා කොළඹට යැවූ බව සැකකරුවන්ගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී ප්රකාශ කර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මදූෂ් නම් සැකකරුට සම්බන්ධ බවට තොරතුරු හෙළිව ඇත.