සියලුම පුරන් කුඹුරු වගා කිරීමට පියවර
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි කාලයේදී දැඩි සහල් හිඟයක් ඇති විය හැකි හෙයින් මෙතෙක් වගා නොකරන ලද සියලුම පුරන් කුඹුරු වගා කිරීමට පියවර ගන්නා ලෙස දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය යූ.ජී.ඩී. ආරියතිලක මහතා පැවසීය. බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් හෙතෙම මේබව පවසා සිටියේය.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් ආරියතිලක මහතා පැවසුවේ වී වගා කිරීම සම්බන්ධව අදාළ සියලුම නිලධාරීන්ගේ මීට වඩා උනන්දුවක් හා කැපවීමක් අවශ්‍ය බවයි. නිරිතදිග මෝසම් සුළඟින් දකුණු පළාතට අවශ්‍ය තරම් වැසි ලැබෙන බැවින් ගොවීන් උනන්දු කර කුඹුරු වගා කිරීමට පොළඹවා ගැනීම ක්ෂේත්‍ර නිලධාරීන්ගේ වගකීමක් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව එහි සම සභාපතීන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි, දකුණු පළාත් සභා කෘෂිකර්ම අමාත්‍ය යූ.ජී.ඩී. ආරියතිලක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා මෙය පැවැත්විණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
