මීතොටමුල්ල ඛේදවාචකයෙන් තම පවුලේ මව, පියා හා සහෝදරිය පවුලේ සියලුම සාමාජිකයන් අහිමිවූ අනුජ නෙත්සර ශිෂ්‍යයාට සිය අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ නාලන්ද විදුහල ලබාදීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
මෙම ඛේදවාචකය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය හැකි උපරිමයෙන් කටයුතු කරන බව සිහිපත් කළ අමාත්‍යවරයා, අනුජ නෙත්සර වැනි දරුවන්ගේ අනාගතය ශක්තිමත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වශයෙන් උපරිම දායකත්වය ලබා දෙන බවද සඳහන් කළේය.
මේ පිළිබඳව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාද මැදිහත්වූ අතර, මෙම ශිෂ්‍යාගේ සීයා සිදුකළ ඉල්ලීමක් පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යවරයා මේ අවස්ථාව සලසා දීමට උපදෙස් ලබාදී තිබේ.