සිගරට් පැකට්වල 80% දවටනයේ වන පරිදි රූපමය අවවාද ඇතුළත් කිරීමට අදාළ නීති කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබුණු බවද, එම පනත ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිත බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ සඳහා පිහිටුවා ඇති අධිකාරිය විසින් නිර්දේශ කරනු ලබන සෞඛ්‍ය අවවාද ඇතුළත් රූපමය අවවාද මාස හයකට (06) වරක් වෙනස් කළයුතු බවටත් විධිවිධාන සලසා ඇතිබව අමාත්‍යවරයා පැවසීය.
දැනට සිගරට් පැකට්වල 60% ක් පමණක් එවැනි රූපමය සෞඛ්‍ය අවවාද ඇතුළත් වෙයි.ඊයේ(29) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේබව පැවසීය.