සිහරාජ වනාන්තරයෙහි සිටින වන අලියෙකු විසින් ඊයේ (16දා) සිදුකළ පහරදීම් දෙකකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රක්වාන පොලීසිය පවසයි. පොතුපිටිය, රඹුක, කෝපිකැල්ල පදිංචි එස්.කේ. ශාන්ත (47) සහ එම්.කේ.සන්ධ්‍යා ලක්මාලි (38) මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය කාන්තාව උපකාරක පන්තියකට ගිය සිය දරුවා සමග ආපසු එද්දී අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇති බව ද පොලීසිය පවසයි.
මීට දින කිහිපයකට පෙරදී මෙම අලියාගේ ප්‍රහාරයට ලක්වූ වනජීවී දෙපාර්තමේන්තුවේ වාහනයකටද අලාභහානි සිදුවී තිබුණි. සිංහරාජ වනාන්තරයේ සිටින වන අලින් මේ වන විට වනාන්තරයට මායිම් වූ විවිධ ප්‍රදේශවලින් ගම්වැදීමට පටන් ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් සහකාර අධ්යක්ෂ ප්‍රශාන්ත විමලදාස මහතාගෙන් විමසුවිට ඔහු මෙසේ පැවසීය.
"සිංහරාජ වනාන්තරයේ වෙසෙන අලි තිදෙනාගෙන් ගැහැණු අලියා මේ වනවිට වසර හත අටකින් නිරීක්ෂණය වී නැහැ. පිරිමි අලි දෙදෙනා වෙන්ව තනින් තැන මේ ආකාරයට සැරසරනවා. මේ අලින්ගේ මදකිපෙන කාලය බැවින් ඔවුන්ගේ හැසිරීම කලහකාරී ස්වරූපයක් ගෙන තිබෙනවා.මෙම අලි දෙදෙනාගේ හැසිරීම ප්‍රදේශයේ ජන ජීවිතවල බාධාවක් ඇතිව ඇති බව පිළිගන්නවා."
අජිත්ලාල් ශාන්තඋදය/ කොලොන්නේ ජේ.නානායක්කාර