(UPDATE)
සිය නිල ශ්‍රී ලංකා සංචාරය ආරම්භකරමින් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා අද අලුයම 1ට පමසණ සිංගප්පූරු ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය. ඔහුත් සමග 7 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියේය.දූත පිරිස එළැඹෙන 21 දා තෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතය.
සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය.ජනපති, අගමැති ඇතුළු මැති ඇමතිවරුන් සමග සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීම නියමිතය.
ටී.කේ.ජී. කපිල
සිංගප්පූරු විදෙස් ඇමති එයි
සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා නිල සංචාරයක් සඳහා හෙට (18දා) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය.
ඔහු හෙට (18දා) විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණනායක මහතා හා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මේ අතර ඔහු දිවයිනේ රැඳී සිටින කාලය තුළදී රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් හා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.