ශ්රී පාදස්ථානයේ ඉර සේවය නැරඹීමට එය තරණය කරමින් සිටි සිංගප්පූරු ජාතිකයන් පිරිසකගෙන් එක් අයකු හදිසියේ අසනීප වීම නිසා අද (17දා) අලුයම කාලයේදී මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ටෑන්ග් හෑන් මියන් (55) නමැති අවිවාහක අයෙකි. සිංගප්පූරුවේ සිට ශ්රී ලංකාවේ සංචාරයක පැමිණ ඇති මෙම පිරිස අද (17දා) අලුයම දෙකට පමණ හැටන් නල්ලතන්නි මාර්ගයෙන් ශ්රී පාදය නැගීමට ගොස් ඇති අතර, එහිදී එම මාර්ගයේ ඉඳිකටු පාන ප්රදේශයේදී මිය ගිය අය දැඩි ලෙස රෝගාතුරව මස්කෙළිය ප්රාදේශීය රෝහලට ඇතුළත් කළත් ඒ වන විටත් ඔහු මියගොස් තිබේ.
.jpg)