සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට සහභාගි වීම සඳහා පිටත්ව එරට චාන්ගි වරායේ නවතා තිබෙන ශ්‍රී ලංකා නාවික නෞකා වන සාගර සහ නන්දිමිත්ර යන නෞකාවන් අද (15දා) සිංගප්පූරු ජනාධිපති, ටෝනිටෑන් මහතාගේ පරීක්ෂාවට ලක්විය.
සිංගප්පූරු නාවික හමුදාවට වසර 50ක් සපිරීම නිමිත්තෙන් පැවැති නිල උත්සවයේ එරට යුද නෞකාවන් නිරීක්ෂණය කිරීමේ උත්සව අවස්ථාවේදී මෙම නෞකාවන් පිරික්සීම සිදුවිය.
එහිදී නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් සහ නැව් මුළුව විසින් එරට ජනාධිපතිතුමන්ට සිය ආචාරය පුද කරන ලදී.