ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුමට කැබිනට් අනුමැතිය ලබාගෙන නොමැති බවත් ලබාගෙන ඇත්නම් එය ඔප්පු කර පෙන්වන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
අද (22දා) ඔහු මේ බව සඳහන් කළ අතර අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවැසුවේ එම ගිවිසුම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ප්‍රකාශ කළේය.
