ශ්රී ලංකාව හා සිංගප්පූරුව අතර ක්රියාත්මක වීමට නියමති නිදහස් වෙළඳ ගිවිසුම සඳහා අද (23දා) කොළඹදී අත්සන් තැබිණි. ඒ ශ්රී ලංකාවේ සංචාරයක නිරත සිංගප්පූරු අග්රාමාත්ය ලී සියෑන් ලූන් මහතා හා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තැබිණ.
ඒ අනුව ශ්රී ලංකාව හා සිංගප්පූරුව අතර බදු රහිත හා බදු සහන සහිතව ආනයන අපනයන සිදුවෙනු ඇත. මෙය සිංගප්පූරුව ද්විපාර්ශ්වීය වශයෙන් සිංගප්පූරුව අතිකර ගත් 13 වැනි නිදහස් වෙළඳ ගිවිසුම වෙයි. ඒ හරහා ඔවුන්ට වසරකට ඩොලර් මිලියන 10ක පමණ ඉතිරියක් සිදුවෙන බව ගණන් බලා ඇත.