සාලාවේ ජනතාව අඛණ්ඩ සත්‍යග්‍රහයකට සැරසෙති
අවි ගබඩාව පිපිරීම නිසා නිවාස, දේපළ, භාණ්ඩ හා වගා භූමි විනාශයටපත් ජනතාවට නිසිලෙස වන්දි මුදල් ලබා නොදීමට එරෙහිව නොවැම්බර් මස 03 වන දින සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව සඳහන් කරයි. සාලාව අවි ගබඩාව පිපිරීම නිසා සම්පූර්ණයෙන්ම නිවාස අහිමි වූ පවුල්වලට නිවාස සකස්කර ගන්නාතුරු ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 50,000ක මුදල ලබාදීමත් අගෝස්තු මාසයේ සිට නවතා දමා තිබෙන බැවින් පවුල් 168ක් අසරණ තත්ත්වයකට පත්ව තිබෙන බවද එම සංවිධානයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.
නිවාස හා වෙළෙඳ ව්‍යපාර අහිමි වූ පුද්ගලයන්ට ඊට අදාළ වන්දි මුදල් ලබාදෙන බවට සඳහන් කළත්, එම කටයුතුත් නිසිලෙස සිදු නොවන බවත්, වගා හානි ගණනය කිරීම හා තුන්වන පාර්ශ්වයට අයත් රථවාහන සඳහා වන්දි ලබාදීම ගණනය කිරීමවත් මෙතෙක් සිදුකර නොමැති බවද පවසා සිටියේය.මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී බලධාරීන් සමග සාකච්ඡා කළත් ඊට නිසි විසඳුමක් මෙතෙක් ලැබී නොමැති අතර, මෙයින් 2070කට අධික පවුල් ප්‍රමාණයක් දැඩි පීඩාවට ලක්ව තිබෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.
වන්දි ගණනය කළ නිවාසවලට පවා වන්දි ලබාදීමේදී රුපියල් ලක්ෂ 10කට වැඩි වන්දි මුදල්වලින් මෙතෙක් ලබාදී තිබෙන්නේ 50%ක ප්‍රමාණයක් බවද පවසා සිටියේය.මේ නිසා තමන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා සාලාව නගරයේදී මෙම උපවාසය ආරම්භ කිරීමට සැලසුම්කර තිබෙන බවත්, එය මාරාන්තික උපවාසයක් දක්වා වුවද ක්‍රියාත්මක විය හැකි බවද චන්දන සූරියආරච්චි මහතා පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
