සාලාව අවි ගබඩාව පිපිරීම නිසා ජනතාවට අහිමිව තිබෙන රත්‍රං භාණ්ඩ හා මුදල් සඳහාද වන්දි ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිර්දේශ කළේ යැයි සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව සඳහන් කරයි.
මෙතෙක් වගකිවයුතු පාර්ශ්ව ඒ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීම හා නිවාස, භාණ්ඩ විනාශය පිළිබඳ තක්සේරු වාර්තා සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබීම පිළිබඳ තම සංගමය මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බවද එම සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා අද (14දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ අනුව අභියාචනා ඉදිරිපත් කිරීමට අභියාචනා මණ්ඩලයක් පත් කරන ලෙසට බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවත්, එම කටයුතු ජුනි 05 වැනිදාට පෙර සිදුකරන ලෙසට නියෝග කළ බවත් ඔහු පවසා සිටියේය.