සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවීමේදී සිදුකළ තක්සේරු වාර්තා එකිනෙකට පරස්පර බවත්, මේ නිසා තක්සේරුවාර්තා සකස් කළ ආකාරය පිළිබඳ තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා සිටීමට කටයුතු කරන බව සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව සඳහන් කරයි.
හෙට (27දා) දිනයේදී මෙම ඉල්ලීම සිදුකරන බවත්, මෙහිදී විපතට පත් වූවන්ට වෙන් වෙන් වශයෙන් සිදුකළ තක්සේරු වාර්තා වෙන වෙනම ඉල්ලා සිටින බවද එම සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.
එහිදී යම් අසාධාරණයක් සිදුව තිබේ නම් සාධාරණය ඉටු කරගැනීම සඳහා නඩු පවරන බවද හෙතෙම කියා සිටියේය.