සාම්පූර් නැවත පදිංචි කිරීම් සඳහා ඇමෙරිකාවේ සහාය
ශ්‍රී ලංකාවේ සාමය හා සංවර්ධන ක්‍රියාවලිය වඩා සවිමත් කිරීමට සෙසු ජාත්‍යන්තර දායකයන් සමග ඇමෙරිකා එක්සත් ජනපදයද ත්‍රිකුණාමලයේ සාම්පූර් හි නැවත පදිංචිකිරීමේ ක්‍රියාවලිය සඳහා ඇ.ඩො. මිලියනයක් සපයන බව එම තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති අතුල් කේශාප් මහතා පැවසුවේ, මුළු දිවයිනේම සිටින ශ්‍රී ලාංකිකයන් යුද්ධය හා අවතැන් වීමේ විපාකවලින් මුදවාගෙන ඔවුන්ගේ පවුල් සහ ප්‍රජා ජීවිත වැඩි දියුණු කරමින්, ඔවුන්ට ගෞරවයේන යුතුව දිවි ගෙවීමට ඉඩ සැලසීම ඇමෙරිකාවේ අරමුණ බවයි.
මෙසේ ලබාදෙන මුදලින් මුල් ඩොලර් 100,000 කළමනාකරණය කිරීම ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය මගින් සිදුකරන බව කියයි. මෙය නැවත පදිංචි වූ ප්‍රජාවන් වෙත විවිධ සේවා සැපයීමටත්, ඔවුන්ගේ මූලික අවශ්‍යථා සපුරාලීමටත් වැය කෙරෙනු ඇති බව කියයි.
සාම්පූර් හි පාසල් දෙකක් ඉදිකිරීමට ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ඉතිරි ඩොලර් 900,000 වැය කරනු ඇති බවද එම තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

