ත්‍රස්තවාදය පරාජය කොට රණවිරුවන් දිනාදුන් නිදහසත් සමග රටතුළ නිර්මාණය වූ සාමකාමී වාතාවරණයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමේ වගකීම සිසු දරුවන්ට පැවරෙන බවත්, යුද්ධය පැවැති උතුරු පළාතේ දරුවන් විවිධ බාධක පැවතියද අධ්‍යාපන කටයුතු කෙරෙහි දක්වන උනන්දුව අනිකුත් ප්‍රදේශවල දරුවන්ට ආදර්ශයක් බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
අද (03දා) පැවැතිකැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයාලෙස එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.
විභාග කෙරෙහි පමණක් අවධානය යොමුකිරීම ප්‍රමාණවත් නැතැයි සඳහන් කළ අමාත්‍යවරයා විෂය බාහිර ක්‍රියාකාරකම් වන ක්‍රීඩා කුසලතා මෙන්ම තාක්ෂණික නිපුණතාද, සමාජ පොදු කටයුතු කෙරෙහිද දරුවන් උනන්දු විය යුතු බවද සඳහන් කළේය.
අතීතයේ මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ භෞතික දියුණුව ප්‍රාථමික මට්ටමක පවතිද්දී අඩු පහසුකම් යටතේ විවිධ දුෂ්කරතා මැද අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනෙකු අද වනවිට රටේ ඉහළ තැන් නියෝජනය කරන අයුරු දක්නට ලැබෙන බවත්, ජීවිතය ජයගත් ඔවුන්ගේ චරිත කතා අධ්‍යයනය කිරීම වැදගත් බවත් අමාත්‍යවරයා මෙහිදී සිසුදරුවන්ටපෙන්වාදුන්නේය.
.jpg)
.jpg)
.jpg)
.jpg)