සමාන්‍ය පෙළ විභාගය සඳහා දුම්රියෙන් ගමන් කළ ශිෂ්‍යයන් දෙදෙනෙකුට ටිකට් පරීක්ෂකවරුන් විසින් මතභේදයට තුඩුදුන් දඬුවමක් ලබාදී තිබෙන බව හලාවත කොටුව දුම්රිය මාර්ගයෙන් වාර්තාවේ.
දුම්රියෙන් ගමන් කළ ශිෂ්‍යයන් දෙදෙනා සතුව ටිකට්පත් නොමැති වීම නිසා කඳාන දුම්රිය ස්ථානයෙන් බැසයාමට පැමිණි ශිෂ්‍යයන් දෙදෙනා දුම්රිය ස්ථාන දෙකක් පසුකරමින් කපුවත්ත දුම්රිය ස්ථානය තෙක් රැගෙන ඒමට ටිකට් පරීක්ෂකවරුන් කටයුතු කර තිබේ.
මෙම ශිෂ්‍යයන් පේරලන්ද දුම්රියස්ථානයෙන් දුම්රියට ඇතුළත් වී කඳාන පිහිටි විභාග ශාලාවකට විභාගයට පෙනී සිටීමට පැමිණ ඇත.
මේ පිළිබඳව දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ඒ පිළිබඳව වහාම සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.