2017 වසරේ දෙසැම්බර් මාසයේ පැවැතිසාමාන්ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 28 වැනිදා නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා 'අද'ට ප්‍රකාශ කළේය.
විභාග ප්‍රතිඵල නිකුත්කිරීමේ කාලරාමුවට අනුව නියමිත දිනයේදී ප්‍රතිඵල නිකුත් කරන බවද පූජිත මහතා ප්‍රකාශ කළේය.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි විභාග ප්‍රතිඵල නිකුත්කිරීම සඳහා ස්ථිර දින සකස් කළ අතර, ඒ අනුව උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්කිරීම සම්බන්ධයෙන් ස්ථිර දින හඳුන්වා දුන්නේය.
ඒ අනුව සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු 28 වැනිදා නිකුත්කිරීමට සැලසුම්කර තිබේ. 28 වැනිදාට පෙර විභාග ප්‍රතිඵල නිකුත්කරනවා යැයි පැතිරෙන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවද හෙතෙම සඳහන් කළේය.