නොවැම්බර් මස 31 ට පෙර වයස අවුරුදු 16 සම්පූර්ණ වන මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් වෙනුවෙන් ඉදිරි සති දෙකක කාලය තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හැඳුනුම්පත් නිකුත් කිරීම සිදුකරන බව එහි කොමසාරිස් ජනරාල් සරත් කුමාර මහතා පැවසීය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් සඳහා තවත් 30,000 ක් පමණ හැඳුනුම්පත් ලබාදීමට සූදානම්කර පවතින බවද, හැඳුනුම්පත් ලබාගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් නොවැම්බර් මස 15 දාට පෙර අයදුම්පත් යොමුකළ යුතු බවද සරත් කුමාර මහතා ප්‍රකාශ කළේ අද (05දා) පැවැති මාධ්‍ය හමුවකදීය.