සාක්ෂි සඟවන්නැයි අර්ජුන් ඇලෝසියස් කියලා
බැඳුම්කර කොමිසමේ විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පසුගිය ජුනි මස 03 වැනිදා අර්ජුන් ඇලෝසියස් මහතා හමුවීමට ගිය අවස්ථාවේදී කොමිසමේ ඉදිරි සති දෙක තීරණාත්මක බව පැවසූ ඔහු අවශ්‍යයෙන්ම වැදගත් තොරතුරු සහ සාක්ෂි සඟවන්න කියා තමන්ගෙන් ඉල්ලා සිටි බව බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරණ ඒකකයේ සාමාන්‍යාධිකාරී අරුණ බෙනඩික් ඩයස් මහතා පැවසීය.
ඉන් අනතුරුව පසුගිය ජුනි මස 03 වැනිදා නිමල් පෙරේරා සහ අර්ජුන් ඇලෝසියස් මහත්වරුන් තමන්ට දුරකථනයෙන් ඇමතූ බවද පැවසූ අරුණ බෙනඩික් ඩයස් මහතා, නිමල් පෙරේරා මහතා සහ ඔහුගේ ඇන්.පී. කැපිටල් සමාගම රුපියල් බිලියන 8.5ක බැඳුම්කර සේවක අර්ථසාධක අරමුදලට විකිණූ බවද ප්‍රකාශ කළේය.
2015 පෙබරවාරි මස පළමු වැනිදාත් ,2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්ෂි විභාග කිරීම සිදුකෙරේ.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රොමාලි තුඩාවේ මහත්මිය විසින් සේවක අර්ථසාධක අරමුදලේ හා මහ බැංකුවේ අතරමැදියෙකු ලෙස කටයුතු කරමින් පෑන් ඒෂියා බැංකුව විසින් සිදුකොට ඇති ගනුදෙනු32 සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් හරස් ප්‍රශ්න අසන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

