රට හදන්න බැරි ආණ්ඩුව ගෙදර යවා රට හැදිය හැකි ආණ්ඩුවක් සකස්කර ගැනීමට ජනතාව පෙළගස්වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ආර්ථික වශයෙන් රට දියුණු කර රටේ ජනතාවගේ සාක්කු පුරවන බවට වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර සඳහන් කළ බවද එම පක්ෂයේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
එහෙත් ආර්ථිකය දියුණු කිරීමට පැමිණි බව කියන ආණ්ඩුව ජනතාව මත දඩ සහ බදු යොදමින් සාක්කු සුද්ද කිරීමට පටන් ගෙන ඇති බවත්, මෙම ක්රමය පරාජය කිරීමට ජනතාව පෙළගස්වන බවත් හෙතෙම පවසා සිටියේය.
රාජ්ය සම්පත් විකුණා දැමීම වහාම නවතා දමන ලෙස ඉල්ලමින් අද (04දා) උදේ කොළඹ කොටුව දුම්රියපළ අසලදී අත්පත්රිකා බෙදාහැරීමකට එක්වෙමින් ටිල්වින් සිල්වා මහතා මේ බව සඳහන් කළේය.