ශ්‍රී ලංකාවේදී මරණීය දණ්ඩනය නියම වූ ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිටත්, ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සිය කෘතඥතාව පිරිනමා තිබේ.
ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙය රටවල් දෙකේ නායකයන් ඒකාබද්ධව ගනු ලැබූ උත්සාහයක් බවයි.
ඊයේ (19දා) මෙම නිවේදනය නිකුත් කරමින් සුබ්‍රමනියම් මහතා වැඩි දුරටත් සඳහන් කළේ ඉන්දු ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් තර කරගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධානයෙන් පසුවන බවයි.