ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ස්ථාපනය කරන ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත්කිරීමට විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීමටත්, ඒ වෙනුවෙන් ලැබෙන අයදුම්පත් නිසි ක්‍රමවේදයක් යටතේ මූලික ඇගයීමට ලක්කිරීම සිවිල් සාමාජිකයන් තිදෙනාට පැවරීමටත් ව්‍යවස්ථා සභාව තීරණය කළේය.
සාමාජිකයන් දස දෙනෙකුගේ යුතු ව්‍යවස්ථා සභාව අද (23දා) කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේදී රැස්විය.
ස්ථාපිත කිරීමට නියමිත කොමිෂන් සභා තුළ කාන්තා නියෝජනය පිළිබඳව අවධානය යොමුකළ යුතු බව ආචාර්ය රධිකා කුමාරස්වාමි මෙනවිය ප්‍රකාශ කළාය.
තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වගකීම පිළිබඳව කථානායකවරයා විසින් සාමාජිකයන් වෙත පැහැදිලි කරන ලද අතර, ඔක්තෝබර් මාසය තුළ කොමිෂන් සභා ස්ථාපිත කළ යුතු බවද හෙතෙම පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යටතේ ස්ථාපිත කරන කොමිෂන් සභා වෙනුවෙන් සාමාජිකයන් ලෙස මේ වනවිට නාමයෝජනා 225ක් ලැබී ඇති බවත්, නැවත වරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඔක්තෝබර් 09 වැනිදා රැස්වීමට තීරණය කළ බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහලේකම් ධම්මික දිසානායක මහතා %අද^ ට පැවසීය.