මෙවර ස්වර්ණ පුස්තක සම්මානය පූජ්‍ය බටුවන්ගල රාහුල හිමියන් රචිත "රන් කරඬුව" කෘතියට හිමිවෙමින් ස්වර්ණ පුස්තක සම්මාන උළෙල නිමාවට පත්විය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලාවේදී ඊයේ (12) සම්මාන උළෙල පැවැත්විණ. 2014 වසරේ ප්‍රකාශිත නවකතා අතරින් ග්රන්ථ 5ක් ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශ වී තිබු අතර ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය වාර්ෂීකව මෙය සංවිධානය කරයි.