ශ්‍රී ලංකාවේ මද්‍යසාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ස්ප්‍රීතු නිෂ්පාදනය කිරීමට සහල් යෙදවුමක් ලෙස යොදා ගැනීමට අවසරය දුන්නේ පසුගිය රජය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වත්මන් රජය ඒ සඳහා කිසිඳු අවසරයක් ලබාදී නොමැති බවයි.
පසුගිය රජය 2006 වසරේදී මද්‍යසාර නිපදවීම සඳහා සහල් යෙදාගැනීමට අනුමැතිය දී තිබූ බව ද එම අමාත්‍යාංශය නිවේදනයේ සඳහන් වේ.
''ශ්‍රී ලංකාවේ දැනට ස්කාගාර 14 ක් පවතින අතර ඒවායෙහි ස්ප්‍රීතු නිෂ්පාදනය කිරීම සඳහා රා, තල් රා, මොලාෂස්, බඩ ඉරිඟු හා පලතුරු ආදිය උපයෝගී කරගනු ලබයි. 'ස්ප්‍රීතු නිෂ්පාදනය සඳහා සහල් අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීමට එක් ආයතනයකට පමණක් එවකට බලයේ සිටි රජය විසින් 2006 වර්ෂයේදී අනුමැතිය ලබා දී ඇත. එහෙත් මෑතදී සහල් අමුද්‍රව්‍ය ලෙස යොදාගැනීමට අමතරව බඩ ඉරිඟු යොදා ගැනීම සඳහා එම ආයතනයට අනුමැතිය ලබාදෙන ලදී.”
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඇසුරෙනි