ස්ත්‍රී පුරුෂ භාවයේ පරතරය වැඩි වෙලා - රටවල් 142කින් ශ්‍රී ලංකාව 79 වැනි තැන
ලෝක ආර්ථික සංසදය විසින් සලකා බලන ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ පරතරයේ දර්ශකයට අනුව රටවල් 142ක් අතරින් 2014 වසරේදී ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 79 වැනි ස්ථානයයි.
මේ අතර, ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ පරතරයේ දර්ශකය 2005 වසරේ සිට සමස්තයක් ලෙස පුළුල් වූ රටවල් 6ක් පමණක් දක්වා ඇති අතර, එහි ශ්‍රී ලංකාවද වෙයි. එහි සෙසු රටවල් අතර, මාලි, ක්‍රොඒෂියා, මැසඩෝනියා, ජෝර්දාන් සහ ටියුනීසියා යන රටවල් වෙති.
මෙහිදී විශේෂයෙන්ම දේශපාලනය කෙරෙහි ශ්‍රී ලංකාවේ කාන්තා දායකත්වය අතිශය පහළ අගයක් ගෙන ඇති බවත්, ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය සලකා බැලීමේදීද කාන්තා දායකත්වය ඉතා අවම බවත් එම දර්ශකය පෙන්වා දෙයි.
ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ පරතරයේ දර්ශකයට අනුව ප්‍රථම ස්ථානය මෙවරත් අයිස්ලන්තය විසින් දිනාගෙන ඇති අතර, එහි අවසානයට ඇත්තේ යේමනයයි.
ලෝක ආර්ථික සංසදය විසින් රටවල් 142ක ආර්ථිකය, සෞඛ්‍යය, අධ්‍යාපනය හා දේශපාලන සහභාගීත්වය යන කාරණා සම්බන්ධයෙන් සැලකිලිමත් වෙමින් මෙම දර්ශකය සකසා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

