සහල් මිලදී ගැනීමේදී සහල්වල ප්‍රමිතිය පිළිබඳව සැලිකිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිටකොටුව ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂාවකදී පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් සොයාගත් බව එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කළේය.
අදාළ ගබඩාවට මුද්‍රා තබා ඇති අතර, මේ වනවිට ඒ පිළිබඳව ඉදිරි පරීක්ෂණ පැවැත්වෙන බවත්, තවත් එවැනි සහල් තිබේද යන්න පිළිබඳව සොයාබලන බවත් හෙතෙම කියා සිටියේය.
අදාළ සහල් තොගය විදේශ රටකින් ගෙන්වූ බවට සැකකරයි.