අයහපත් කාලගුණයෙන් විපතටපත් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ සහ එහි ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29දා) පෙරවරුවේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, තලතා අතුකෝරාළ, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත් මහත්මීහුද, දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැති ඇමතිවරු සහ, රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.