සහනාධාර රැගත් ඉන්දීය දෙවන නෞකාවත් දිවයිනට
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතටපත් ජනතාවට සහන සැලසීම සඳහා ආධාර රැගත් දෙවන නෞකාවත් අද (28දා) පස්වරුවේ කොළඹ වරායට පැමිණි බව නාවික හමුදාව සඳහන් කරයි.
ඊයේ (27) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ඉන්දියානු සංචාරය තුළදී සිදු කළ විශේෂ ඉල්ලීමක් මත මෙම නෞකාව සහ තවත් කුඩා යාත්‍රා 4 ක් කොළඹ වරායට පැමිණ ඇත.
එහි වෛද්‍යවරුන් 3 දෙනෙකු, වෛද්‍ය සහයකයන් 6 දෙනෙකු ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සහ කිමිදුම් කරුවන් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහ තවත් ජීවිතාරක්ෂක කණ්ඩායම් කීපයක් ද පැමිණ ඇත. ඒ අනුව නිලධාරීන් 27 දෙනෙකුගෙන් සහ නාවිකයින් 100 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක්, වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජල බෝතල්, කූඩාරම් සහ ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් මෙම නෞකාවන් මගින් රැගෙනවිත් ඇත.
මීට අමතරව ඊයේ දිනද ආධාර රැගත් ඉන්දීය නෞකාවක් දිවයිනට පැමිණි අතර, ඒ හරහා මෙරට විපතටපත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා ඉන්දීය වෛද්‍ය කණ්ඩායමක්ද මෙරටට පැමිණියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
