සවස 6.30ට සිට 10.30 දක්වා විදුලි ඒකකයට රු 54ක් - අවශ්‍යනම් තෝරාගන්න
ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ ගෘහස්ථ විදුලි පරිභෝජකයන් සඳහා ඔවුන්ගේ විදුලි පාරිභෝගික රටාව වෙනස් කළ හැකි (වේලාව) කාලපාදක ගාස්තු ක්‍රමයක් තෝරාගැනීමට අවස්ථාව ලබාදී තිබේ.
මේ අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අනුමැතියදී ඇත. ඒ අනුව විදුලි පාරිභෝගිකයාගේ විදුලි භාවිතා කිරීමේ කාල වේලාව අනුව පහත පරිදි වන අයුරින් ඔවුන්ගේ කටයුතු සඳහා විදුලිය භාවිත කළ හැකිය.
කාලය ඒකකයක මිල (රුපියල්)
රාත්‍රී 10.30 – උදෑසන 5.30 13
උදෑසන 5.30 – සවස 6.30 25
සවස 6.30 – රාත්‍රී 10.30 54
මෙම විදුලි ගාස්තු ක්‍රමය හඳුන්වාදීම තුළින් විදුලි පාරිභෝගිකයන් සඳහාවන ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට අපේක්ෂා නොකරන අතර, මෙම ක්‍රමවේදය එකලා විදුලි සැපයීමක් සහිත විදුලි පාරිභෝගිකයන් හඳුන්වාදීම තුළ බලාපොරොත්තු වන්නේ දිනකදී වැඩිම විදුලි ඉල්ලුම පවතින සවස 6.30 සිට 10.30 දක්වා කාලය තුළ විදුලි පරිභෝජනය අවම කරගැනීමයි. කිසිදු ක්‍රමවේදයකට අනුගත වීමට කිසිදු පාරිභෝගිකයෙකු අනිවාර්ය නොකරන අතර, මෙම ගාස්තු ක්‍රමය පාරිභෝගිකයා කැමති නම් පමණක් තෝරාගත හැකි ක්රමවේදයකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

