දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළබට ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි බලාපොරොත්තු විය හැකි බවත්, ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.