බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට තරමක් තද වැසි (මි.මී.50 ට වැඩි) බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බවද එම නිවේදනයේ දැක්වෙයි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද සඳහන් වෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
මීට අමතරව, ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය නිවේදනය කරමින් ඔවුන් පවසන්නේ ත්‍රිකුණාමලය සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති වන බවයි.
සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයෙ හෝ රාත්‍රී කාලයේ වැසි හේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද පෙන්වා දෙයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර, සුළඟේ වේගය පැ.කි.මී. 30 - 40 ක් පමණ වන බවද එම නිවේදනයේ සඳහන් වෙයි.
එමෙන්ම, මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. 50ක් දක්වා වැඩිවිය හැික අතර, එවිට එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.