දුම්රිය එංජින් රියදුරන් හා ජනාධිපති ලේකම්වරයා අතර අද (08දා) දහවල් 12.00 විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
බඳවා ගැනීම ගැටළුවක් මුල්කර ගනිමින් 6 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට එංජින් රියදුරන් වැඩ වර්ජනයක නිරතව සිටි.
මීට අමතරව දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිලධාරීන්ද ඊයේ මධ්‍යම රාත්‍රි‘යේ සිට වැටුප් ගැටළුවක් මුල්කරගනිමින් වැඩ වර්ජනයක නියලී සිටිති.
එහෙත් වැටුප් ගැටළුවට සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාකච්ඡාවක් ලබාදී නොමැති බවද අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිතියෙ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.
බඳවා ගැනීම ගැටළුවක් මුල්කර ගනිමින් සිදුකරන ක්‍රියාමාර්ගය පිළිබඳව සාකච්ඡා කිරීම පැමිණෙන ලෙසට වෘත්තීය සමිතිවලට ජනාධිපති කාර්යාලයෙන් කැඳවීමක් කර තිබේ.
මේ අනුව එම සාකච්ඡාව දහවල් 12 පැවැත්වීමට නියමිතය. එන්ජින් රියදුරන් ගැටලුව විසඳීමට කටයුතු කළ ස්ථානාධිපතිවරුන් රියදුරන් නියාමකයින් ආරම්භ කළ වැඩ වර්ජනය නිසා දුම්රිය ධාවනය කිරීමට නොහැකි බවද වෘත්තීය සමිති සඳහන් කරති.
කෙසේ වෙතත් අද (08දා) සවස දුම්රිය 8ක් යොදවමින් ගමන්වාර 12ක් සිදුකරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.