පසුගිය දිනවල සිදුවුණු විවිධ වැටුප් ක්‍රමවේද මගින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්යමණ්ඩලයේ වැටුප් 25%කින් කප්පාදු වී ඇති බව විශ්ව විද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.
අනධ්‍යයන සේවකයන් රාජ්‍ය සේවකයන් සේ නොසලකා ඔවුන්ට හිමි දීමනා ක්‍රමයෙන් කප්පාදු කරන බවද එම සංගමයේ ප්‍රධාන සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පවසයි.
රජය සමග අත්සන් කළ ගිවිසුම විශ්වවිද්‍යාල පරිපාලන අධිකාරිය විසින් ක්‍රියාත්මක කර නොමැති නිසා මෙම තත්ත්වය උදා වී ඇති බවත්, මේ වනවිට මුළු විශ්වවිද්‍යාල පද්ධතියම අඩාළ වී ජාතික ප්‍රශ්නයක් දක්වා මෙය නිර්මාණය වී ඇති අතර ,මේ සඳහා රජය සහ පාලන අධිකාරිය වගකිව යුතු බවද ඔවුහු අවධාරණය කරති.
මේ සඳහා අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමට එකඟත්වය පළ කරන අතර පාලන අධිකාරිය නිහඬ පිළිවෙතක් දිගින් දිගටම අනුගමනය කළහොත් මේ වර්ජනය දීර්ඝ කාලීනව සිදු කිරීමට සහ මේ සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ද සහභාගී කරගැනීමට අපේක්ෂා කරන බවද විශ්ව විද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අද (02) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් පවසා සිටියි.
කැලුම් දේවින්ද