සරසවි අනධ්‍යයන කාර්ය මණ්ඩලය හෙට වර්ජනයක
ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය හෙට (28දා) සිට සේවයෙන් ඉවත්වී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.
ගැටලු 06ක් මූලික කර ගනිමින් මෙම වැඩ වර්ජනය සිදුකරන බවත්, මේ සඳහා සියලුම විශ්වවිද්‍යාලවල හා වෛද්‍ය පීඨ, කෘෂි පීඨ, ඉංජිනේරු පීඨ ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල සේවකයනුත් සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගය දියත් කරන බවත් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම ලේකම් පී.එච්.ඩී.එස් ප්‍රියන්ත මහතා සඳහන් කළේය.
මීට අමතරව කබීර් හෂීම් මහතා වැඩ භාරගත් පසු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සේවකයන්ද මෙම වර්ජනයට එකතු වීමට නියමිත බවද හෙතෙම පවසා සිටියේය.
එකඟ වූ පරිදි MCA දීමනා ඉහළ නොදැමීම, යම් යම් පාර්ශ්ව සඳහා ඉහළ දැමූ 15% දීමනාව ලබා නොදීම, දේපොළ ණය ප්‍රමාණය ඉහළ නොදැමීම, රක්ෂණයක් හඳුන්වා නොදීම යන ගැටලු මුල් කර ගනිමින් මෙම වර්ජනය සිදුකරන බවද සම ලේකම්වරයා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

