හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා මිට සුළු මොහොතකට පෙර ෆීල්ඩ් මාෂල් ධුරයට උසස්කරනු ලැබීය.
ඔහු ශ්‍රී ලංකාවෙන් බිහිවූ පළමු ෆීල්ඩ් මාෂල් ලෙස ඉතිහාසයට එක්වෙනු ඇත.
ආරක්ෂක අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේ පැවැති විශේෂ උත්සවයකදී ඔහුට මෙම තනතුර පිරිනමනු ලැබීය.
ෆීල්ඩ් මාෂල් ධුරය දරන්නාට දිවි ඇති තෙක් කැබිනට් අමාත්‍යවරයෙකුට හිමිවන දීමනා ඇතුළු විවිධ වරප්‍රසාද හිමිවෙයි.