සරණාගතයන් ලෙස මෙරටට ඇතුළු වීමට උත්සාහ කළ මියන්මාර් ජාතිකයන් 30 දෙනෙකු හා ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මියන්මාර් ජාතිකයන් 30 දෙනාගෙන් 16 දෙනෙකු කුඩා දරුවන් බවත්, එම දරුවන් අතර දින 15ක් වයසැති බිලිඳියකද සිටින බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා සඳහන් කළේය.