රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය මගින් ආරම්භ කරන ලද සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය ගුවන් හමුදා මූලස්ථානයේදී විවෘත විය.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ අරාධනය පරිදි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙහි ලේකම් කපිල වෛද්‍යරත්න මහතා අතින් ඊයේ (26දා) මෙම මධ්‍යස්ථානය විවෘත කෙරිණි.
ගුවන් හමුදා මූලස්ථානයේ ආරම්භ කළ මෙම සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානයෙහි ති‍්‍රවිධ හමුදාවට අයත් සයිබර් ආරක්ෂක විශේෂඥයන් පැය 24 පුරා රාජකාරි කටයුතු සිදුකරන අතර, මෙම සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය අධීක්ෂණ මධ්‍යස්ථානයකින් සහ සයිබර් ආරක්ෂක විශ්ලේෂණ විද්‍යාගාරයකින්ද සමන්විත වේ.