සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂාවීම සඳහා වන කලාපීය සයිබර් මධ්‍යස්ථානයක් ශ්‍රීලංකාවේ පිහිටුවීමට කටයුතු කරන බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
මේසඳහා මයික්‍රෝසොෆ්ට් ආයතනය ඇතුළු තවත් ආයතනවල සහාය ලබාගන්නා බවද අමාත්‍යවරයා පැවසුවේ ඊයේ (16දා) සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකදීය.
මේහරහා ශ්‍රීලංකාවේ පරිගණක පද්ධතියේ ආරක්ෂාව වඩාත්තහවුරු කිරීමට හැකිවනු අතර, කලාපීය ආරක්ෂාවද තහවුරු කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේදිනවල ලෝකයේ වේගයෙන් පැතිරී යන පරිගණක වෛරසයෙන් ශ්‍රීලංකාවට මෙතෙක් බලපැමක් නොමැති බව පරිගණක හදිසි අවස්ථා සඳහා සූදානමින් සිටින කාර්ය බළකාය තහවුරු කර ඇති බවත්, මේසම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින බවත් ඔහු කීය.