සයිටම් විරෝධි වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය එකමුතුව විසින් සංවිධානය කළ සාමකාමි පාගමනට ඊයේ (24දා) පොලීසිය යොදවා එල්ල කරන ලද ප්‍රහාරය හෙළදකින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(25දා) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
යහපාලනය, තරුපහේ ප්රජාතන්ත්රවාදය ආදී සංකල්ප තොරොම්බල් කරමින් බලයට පැමිණි මේ ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ගයන්ට එරෙහිව පාරට බසින ජනතාවට පිළිතුරු ලබා දෙන්නේ තම මර්දන හස්තය දිගු කිරීමෙන් බව ඒ මහතා පවසයි.
මේ අනුව ඉදිරියේදීත් ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාවන් සඳහා ක්‍රියාකරන ජනතාවන්ට හා බලවේගයන්ට අත් වන්නේ කඳුළු ගෑස් බැටන් පොලු ප්‍රහාර පමණක් නොව ඊට එහා ගිය මර්දනයනයන්ට මුහුණ දීමට සිදුවන ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
.jpg)