සයිටම් ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ව කොතලාවල වෛද්‍ය පීඨයේ පුහුණුව ලබාදී ලබාදෙන උපාධි සහතිකයට සයිටම් නමත් ඇතුළත් කිරීමට සැලසුම් කර තිබෙන බව මාලඹේ වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංගමය සඳහන් කරයි.
මේ නිසා සිදු කිරීමට යන මෙම ක්‍රියාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව අද (15) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංගමය සඳහන් කළේය.
2015 වසරේදී මාලඹේ වෛද්‍ය විද්‍යාලය අසාදු ලේඛන ගතකර තිබෙන බවත්, මේ නිසා සයිටම් ආයතනයේ උපාධිය පිළිනොගන්නා බවත් මාලඹේ වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංගමය කියා සිටියේය.
මේ නිසා උපාධි සහතිකයට සයිටම් ආයතනයේ නම ඇතුළත් කළහොත් තවත් වරක් දරුවන් අනාථ වන බවත්, මේ නිසා සයිටම් ආයතනයේ සුළඟවත් අවශ්‍ය නොවන බවද එම සංගමය සඳහන් කළේය.