සයිටම් ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට බඳවාගැනීමේදී ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව සුදුසුකම් මත බඳවාගන්නා පිරිස්වලට ලබාදිය යුතු වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමාණය තීරණය කිරීමේ වගකීම වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් වෙත පැවරිය යුතු බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
සුදුසුකම් සලකා බැලීමකින් තොරව කොතලාවල පීඨයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළත් කළ යුතු බවට සයිටම් ආයතනයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවක් යැයි කියා ගන්නා කණ්ඩායමක් ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවද හෙතෙම මෙහිදී පවසා සිටියේය.
එහෙත් වෛද්‍ය පීඨවලට බඳවා ගැනීමේදී අයදුම්පතක් සම්පූර්ණ කළ යුතු බවත්, මෙම සිසුන් සියලුම දෙනා අදාළ අයදුම්පත සම්පූර්ණ කළයුතු බවත් ඒ මහතා සඳහන් කළේය.