සයිටම් සිසුන්ට කොතලාවල ඉල්ලයි
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන්ට කොතලාවල වෛද්‍ය පීඨය ලබාදෙන ලෙසට ඉල්ලා සිටින බව මාලඹේ වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංගමය පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊයේ (18දා) සංදේශයක් බාරදීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් එහි සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව පැවැසීය.
“ජනාධිපතිට සංදේශයක් දුන්නා. සයිටම් ආයතනය ස්ලිට් ආයතනයට දෙන්න හදනවා. නැවතවරක් අපේ දරුවන් අසරණ කරන්න හදනවා. මේ සම්බන්ධයෙන් මීට පෙර ජනාධිපතිතුමා දැනුවත් කර තිබුණා.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එකමුතුව අපේ දරුවන් අමාරුවේ දාන්න හදනවා.
අපේ දරුවන්ට හොඳම තෝතැන්න කොතලාවල වෛද්‍ය පීඨය. අපේ දරුවන්වන කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරන්න. මේ සම්බන්ධයෙන් ජනතපතිතුමා දැනුවත් කර තිබෙනවා.
අපේ දරුවෝ දැන් අවුරුදු 07ක් ඉන්නවා.දරුවන් අසරණ කරන්න එපා.
සයිටම් ආයතයනය, සෞඛ්‍ය අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කරපු වංචාව සම්බන්ධයෙන් අපි වංචා විමර්ශන ඒකකයට පැමිණිලි කළා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


