සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය සියලුදෙනාට පිළිගත හැකි ලෙස විසඳීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති සාකච්ඡාවකදී තීරණය වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය රට තුළ නීතියක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති සාකච්ඡාවලදී තීරණය වූ බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මෙම සාකච්ඡාව ඊයේ (12දා) පැවැත්වූ බවත්, ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැඳවා තිබූ බවද හෙතෙම පවසා සිටියේය.