නීනිතිරෝධී සයිටම් ආයතනය අහෝසිකරන ලෙසට ඉල්ලා ශිෂ්‍යයන් උද්ඝෝෂණය කරන විට ආණ්ඩුව සයිටම් කළුකඩය රැක ගැනීමට මර්දනය දියත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
සයිටම් ආයතය රැකගැනීම සඳහා ආණ්ඩුව ඇතැම් ඇමතිවරුන් පිස්සන් කොටුවක හැසිරෙන ආකාරයට හැසිරෙමින් සිටින බවද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
ආණ්ඩුව මේ සෑම දෙයක්ම සිදුකරන්නේ ජනවරමට පයින් ගසා දමා බවත්, ආණ්ඩුව සයිටම් රැකගැනීමට ගොස් ගෙදර යනවාද එසේ නොමැති නම් සයිටම් අහෝසි කර ආණ්ඩුව රැක ගන්නවාද යන්න දෙකෙන් එකක් තෝරාගත යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
.jpg)